26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ වැටුප් ඉහළ දැමීමේ අවසන් වාර්තාව ජනපතිට

රජයේ වැටුප් ඉහළ දැමීමේ අවසන් වාර්තාව ජනපතිට

2025 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබෙනවා.

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද ජනාධිපති කාර්යාලයේ දීයි මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින එකඟතා ගිවිසුමෙහි ඇතුළත් කොන්දේසිවලට අනුකූලව මෙන්ම ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

2024 ජූනි 12 වැනිදා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව පත්කරනු ලැබුවා.