23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරටවල් 38කට ශ්‍රී ලංකාවට පැමිණීමේදී නොමිලේ වීසා

රටවල් 38කට ශ්‍රී ලංකාවට පැමිණීමේදී නොමිලේ වීසා

රටවල් 38ක පුද්ගලයින් සඳහා නිදහස් වීසා පහසුකම ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (02) විදේශ අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38කට වීසා රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය පවරා ඇති බවයි.

සිංගප්පූරුවේ ක්‍රියාත්මක කරනු ලබන ‘වන් චොප්’ ක්‍රමය අනුගමනය කරමින් මෙලෙස වීසා ගාස්තු නිදහස් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව වීසා කවුන්ටරවල තදබදය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම නව වීසා ක්‍රමය යටතේ අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ එක් නිල මුද්දරයක් හෝ මුද්‍රාවක් සමඟ පමණක් වීසා බලපත්‍රයක් හෝ වීසා දිගුවක් නිකුත් කරනු ලබනවා.