― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා - ජනපති

රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා – ජනපති

සජිත් සහ අනුර අද දේශපාලන වේදිකාවල විවිධ පොරොන්දු දෙන බවත් එහෙත් රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ කෘෂි නවීකරණ වැඩසටහන යටතේ හලාවත පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවත් මාදම්පේ ආර්ථික කලාපය ඇති කිරීම මෙන්ම හලාවත වරාය ප්‍රධාන වරායක් ලෙස දියුණු කරන බවත්ය.

කෘෂි නවිකරණ වැඩසටහන සමඟ මෙම ප්‍රදේශයේ පොල් වගාව දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම මාදම්පේ ආර්ථික කලාපය ඇති කිරීමට මම කටයුතු කරනවා. බිංගිරිය අක්කර දහසක ආයෝජන කලාපය ඇති කර, ඉරණවිල සංචාරක කලාපය ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ මැද ඩිජිටල් කලාපයකුත් ඇති කර ගැනීමට අපට හැකියාව තිබෙනවා.

ඒ සමඟම හලාවත වරාය ප්‍රධාන වරායක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. එමඟින් හලාවත ධීවරයන්ගේ නිෂ්පාදන සෘජුවම කටුනායකට යැවීමට අවස්ථාව ලැබෙනවා. එම සියලු කටයුතු කටුනායක අධිවේගි මාර්ගය හා සම්බන්ධ කරනවා. ඒ වගේම කුලියාපිටිය හා හලාවත ප්‍රදේශවල විශාල දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව සංචාරකයන් ගෙන්වා ගැනීමට කල්පිටිය සහ ඉරණවිල සංචාරක කලාපයක් බවට පත් කරනවා. සංචාරකයන් ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීම අපේ සැලසුමයි. එහිදී මේ ප්‍රදේශවලද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.

සජිත් සහ අනුර අද දේශපාලන වේදිකාවල විවිධ පොරොන්දු දෙනවා. රෑ වැටුණු වළේ ඔබ දවල් වැටිය යුතුද කියා මම ජනතාවගෙන් අහනවා. අපට රටේ සෑම පළාතකම සහයෝගය අද ලැබෙනවා. සෑම කණ්ඩායමකම සහාය ලැබී තිබෙනවා. ඒ නිසා අද සිට ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරනලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”