― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනමින් විසඳනවා - ජනපති

විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනමින් විසඳනවා – ජනපති

ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) වෘත්තීයවේදීන් සමඟ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ‘Ask Me Anything’ වැඩසටහනට එක්වෙමිනි.

එමෙන්ම කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 – 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකි බවත් තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට සිදු වූ අපහසුතාවට
රජයක් ලෙස සමාව ඉල්ලා සිටියා.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැති බවට සපථ වූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් වෙනත් අපේක්ෂකයින් පසුපස ගියත්, සුළු
ජාතික ප්‍රජාවේ බහුතරයේ සහයෝගය මට හිමිවන බවයි.