― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෘත්තීය ⁣ගරුත්වයට නිගා කළ නීතිඥවරයෙක්ට අධිකරණය දුන් නියෝගය

වෘත්තීය ⁣ගරුත්වයට නිගා කළ නීතිඥවරයෙක්ට අධිකරණය දුන් නියෝගය

වෘත්තීය ආචාර ධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් උල්ලංඝනය කරමින්, වෘත්තීය ⁣ගරුත්වය කෙලෙසමින් විෂමාචාර ක්‍රියාවල නිරත වී⁣මේ වරදකරු කරනු ලැබූ නීතිඥවරයෙකු මින් ඉදිරියට නීතිඥ වෘත්තියේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සරත් ද සිල්වා නැමති එම නීතිඥවරයාට එරෙහිව නඩු පවරනු ලැබූ, අගතියට පත් දිවුලපිටිය උල්ලපල ශ්‍රී චන්දානන්ද හිමිපාණෝ හට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙසද වගඋත්තරකාර නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළා.

එකී වන්දි මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙසද එස්.තුරෙයිරාජා, අචල වෙන්ගප්පුලි, කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එම නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කරන ලෙස අදාළ බලධාරීන්ට ලිඛිත දැනුම්දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාටද නියෝග කළේය.

කුරුණෑගල මහාධිකරණයේ හා මිනුවන්ගොඩ දිසා අධිකරණයේ පැවති නඩු දෙකක් සම්බන්ධයෙන් අගතියට පත් ස්වාමින් වහන්සේගේන් රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබා ගෙන විශ්වාස කඩ කිරීමේ චෝදනාවට එම නඩුව පවරා තිබිණි.

නීතිඥ නගිතා විරසේකර වගඋත්තරකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ චතුරිකා ඇල්විටිගල මෙනවිය සමග ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නයෝමි කහවිට මහත්මිය පෙනී සිටියාය.