27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් ළඟ තබාගත් වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ළඟ තබාගත් වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

සියලුම චෝදනා ඔප්පු වී ඇති බැවින් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (03) එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ.

2021 වසරේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 6.61 ක් සන්තකයේ ලබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.