― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහොර පාස්පෝට් එකෙන් රට පනින්න ගිය තරුණයා ගුවන්තොටේදී අත්අඩංගුවට

හොර පාස්පෝට් එකෙන් රට පනින්න ගිය තරුණයා ගුවන්තොටේදී අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙක් ඊයේ (02) රාත්‍රියේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙක්.

මොහු ඊයේ රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයට පිවිසීම සදහා ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

එහිදී ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා ගෙන ගොස්, එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

එම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත තොරතුරු සහිත ගමන් බලපත්‍රයකට මෙම තරුණයාගේ ජායාරූපය ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව අනාවරණය වීමත් සමග මොහු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉන්පසුව ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තවත් කූඨ ලෙස සකස් කළ ඉතාලි ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ප්‍රංශයේ නේවාසික වීසා බලපත්‍රයක් ද එම නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මොහු එම වීසා බලපත්‍රය මගින් මීට පෙර ප්‍රංශයේ වාසය කර ඇති බවට තොරතුරු ඇතුළත්ව තිබුණ ද, මොහු ප්‍රංශය වෙත කිසි දිනෙක ගොස් නොමැති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එසේම මොහුගේ ගමන් මලු තුළ වූ ඉතාලි ගමන් බලපත්‍රයේ මාල්කදිවයින, ඉතාලිය සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු ව්‍යාජ මුද්‍රා රාශියක් යොදා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.