― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපම්පෝරි දේශපාලනය පසෙකලා රාජ්‍ය සේවය සුරක්ෂිත කරනවා - සජිත්

පම්පෝරි දේශපාලනය පසෙකලා රාජ්‍ය සේවය සුරක්ෂිත කරනවා – සජිත්

සියලු රාජ්‍ය සේවකයින් ශක්තිමත් කොට සුරක්ෂිත රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට මා මූලිකත්වය ලබා දෙනවා. වර්තමාන ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්නට කටයුතු කරපු යුගයක් තියෙන්නේ. සමස්ත රාජ්‍ය සේවකයන් අඩු කරන්නට කටයුතු කරපු යුගයක්. හිටිහැටියේම වැටුප් වැඩි කරනවා කියලා බොරු ඉදිරිපත් කරන අවස්ථාවක මම කියන්න කැමතියි සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන්ම ඔබගේ වැටුප සියයට 24% කින් අපි වැඩි කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ජීවන වියදම් දීමනාවෙන් අපි 25,000 දක්වා වැඩි කරනවා. ඒවගේම රාජ්‍ය සේවයේ අවම වැටුප 57,500 කරනවා.

වර්තමාන රජයේ අසාධාරණ බදු සූත්‍රය අඩුකරලා මේ රටේ මැද පන්තියත් මේ රටේ රාජ්‍ය සේවයත් ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. ඔබගේ සහයෝගය සවිය ශක්තිය අපට ලබා දෙන්න. ඔබේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරමින් නියත වැටුප් වැඩි කිරීමකට අපි ලබන ජනවාරියේ සිට කටයුතු කරනවා. මේ වර්තමාන රජය බොරුවට කටින් බතල හිටවනවා. බොරු පම්පෝරි දේශපාලනය පසෙකලා සත්‍ය වශයෙන්ම රාජ්‍ය සේවය නිරතව සිටින රාජ්‍ය සේවකයා සුරක්ෂිත කිරීමට ආරක්ෂා කිරීමට පියවර ගන්නවා.

පොලිස් සේවයේ බටා එක අපේ රජයක් යටතේ ස්ථිර බටාවක් බවට පත් කරනවා. ඒ වගේම පොලිස් සේවයේ උසස්වීම් නතර වෙලා තිබෙනවා. වහාම අපි එය ක්‍රියාත්මක කරනවා. සිවිල් ආරක්ෂක බලකා ක්ෂේත්‍රය සුරක්ෂිත කරනවා.

ගෝඨාභය රාජපක්ෂ බලයට ආපු නිසා තමයි ගෙවල් හදන එක නතර වුණේ. ගෝඨාභය බලයට ගේන්න හදපු දේශපාලන කුමන්ත්‍රණයේ මහමොළකාරයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. මට ආරංචියි ඒ අයගේ ගෝලබාලයෝ කියනවාලු මම ගෙවල් හදනවායි කියලා ජනතාව පාරට දැම්මයි කියලා. මම වවුනියාවේ ජනතාවට කියන්න කැමතියි බය නැතුව නිවාස සංකල්පයේ නිර්මාතෘ වන රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් වුනු සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවන්න. අවසන් කරන්නට බැරි වුණු හැම නිවාස යෝජනා ක්‍රමයක්ම හැම නිවසක්ම ඉදිකර අවසන් කරනවා. එපමණක් නොවේ නිවෙස් නොමැති අලුත් පවුල්වලටත් ඉඩම් ලබාදෙනවා, නිවාස ලබාදෙනවා.”