29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සමඟ තරුණයෙක් STF දැලේ

අයිස් සමඟ තරුණයෙක් STF දැලේ

දෙමටගොඩ චමින්දගේ පුතා වන ‘මලීෂ’ යන අය සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (03) ගොතටුව පොලිස් වසමේ අංක අඹගහ හන්දිය, අංගොඩ යන ලිපිනයේ සිදු කළ වැටලීමකදීයි මොහු
අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලි ග්‍රෑම් 250 ක්, විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අංගොඩ, ගොතටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දෙමටගොඩ චමින්ද’ යන අයගේ පුතා වන මලීෂ ආකාශ් යන අයවළුන් සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.