― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅසීරු වෙලාවේ රට ගොඩගත් රනිල් මත විශ්වාසය තියන්න - රංජිත්

අසීරු වෙලාවේ රට ගොඩගත් රනිල් මත විශ්වාසය තියන්න – රංජිත්

අසීරු මොහොතේ රට භාරගනිමින් ධනාත්මක තැනකට රට ගෙන ආ පුද්ගලයා මත විශ්වාසය තැබීම එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනතාවට වඩාත් ඥානාන්විත වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වරින් වර බලයට පත්වූ රජයන් විසින් වසර 75ක් පුරා ගත් අසමත් සහ වැරදි තීන්දු නිසා රට අර්බුදකාරී තත්වයට පත් වූ බවයි.

ඒ සියලු අවස්ථාවල එම රජයන් පත් කළේ ද ජනතාව විසින් බවත් මේ මොහොතේ අප රටක් වශයෙන් මුහුණ දෙමින් සිටින අභියෝගාත්මක තත්වයෙන් මිදීමට නම් ඒ සඳහා ඉවසීමක්, පැහැදිලි දැක්මක්, පරිණත දේශපාලන අවබෝධයක් ඇති නායකත්වයක් වෙත අවස්ථාව සලසාදීම ජනතාවගේ වගකීම බවයි රාජ්‍ය අමාත්‍ය්වරයා සඳහන් කළේ.

මෑතකාලීනව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ තත්ත්වය අසාධ්‍ය බවත්, රට ආර්ථිකමය වශයෙන් හා ප්‍රජාතන්ත්‍රික වශයෙන් විශාල ප්‍රශ්නයක සිටින බවත්, කළ හැකි අයෙකු සිටීනම් මේ රට භාර ගන්නා ලෙස ඉල්ලීම් කළ බව සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය අසාධ්‍ය බවත්, ශ්‍රී ලංකාව බේරා ගැනීම යනු කිසිවෙකුට කළ නොහැකි අතිශය දැවැන්ත අභියෝගයක් වන බවත් මේ යෝජනාව හාස්‍යජනක යෝජනාවක් බවත් විපක්ෂය විසින් දැනුම් දී තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.

රටක් වශයෙන් සියලු දෙනා එකතු විය යුතු තරම් බරපතළ ජාතික ප්‍රශ්නයක සිටි මොහොතක විපක්ෂය සාම්ප්‍රදායිකව කටයුතු කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%කට පත්ව තිබූ ආර්ථිකය 12% කට ගෙන ඒමට අපට හැකි වී තිබෙන බවත් වියදම් සීමා කරගත හැකි පරිදි ශක්තිමත් මූල්‍ය කළමනාකරණ පනතක් රජය විසින් ගෙන ආ බවත් ණය ගෙවීම් සහ ණය පොළිය හැරුණු කොට පාලනය කළ හැකි සියලු වියදම් හැම විටම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% නොඉක්මවන බවත් පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ නැවත මූල්‍යමය වශයෙන් හිරවීම නතර කිරීමට මේ සියලු තීරණ ගෙන ඇති බවයි.