― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකෝටිපති ව්‍යපාරිකයෙක් පැහැරගත් අයෙක්ට මරණ දණ්ඩනය

කෝටිපති ව්‍යපාරිකයෙක් පැහැරගත් අයෙක්ට මරණ දණ්ඩනය

රන් ආභරණ ව්‍යාපාරයේ යෙදී සිටි කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් ⁣ඔහුගේ රන් ආභරණ තොගයක් සහ ලක්ෂ 33ක මුදලක් කොල්ලකා එම පුද්ගලයා ගෙල සිර කර මරා දැමූ අයෙක්ට කොළඹ මහාධිකරණය විසින් අද (04) මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙලෙස මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මරණ දණ්ඩනය නියම කර අත්තේ 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුටයි.

2012 ඔක්තෝබර් 30 වැනිදා පිට⁣කොටුවේ රාජා ජුවලර්ස් අධිපති සින්නදොරේ සුරේකා රාජා නැමැති රන් ආභරණ ව්‍යාපාරිකයාව ඔහුගේ වාහනය සමඟම පැහැරගෙන ගොස් පුස්සැල්ල ප්‍රදේශයේදී එසේ මරා දමා තිබුණා.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පවරනු ලැබූ අතර දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

විත්තිකරු පළමු වරදට වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කළ අතර දෙවැනි වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් 10,000ක දඩයක් ගෙවීමටද නියෝග කළේය.