27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ

තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වනවා.

ඒ අනුව 04, 05 සහ 06 යන තෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.

කෙසේනමුත් එම දින තුනේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින වෙන් කර තිබෙනවා.

ඔබ ඡන්දපොළට එන විට ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට මෙලෙස තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවනවා.