29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතිස්තුන් ලක්ෂයක දුම්වැටි සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට

තිස්තුන් ලක්ෂයක දුම්වැටි සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යාමට තැත් කළ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අද (04) අලුයම මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසු වූ නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙක්. මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිස් තුනක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

ඔහු අද (04) අලුයම 03.25 ට අබුඩාබි නුවර සිට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ‘මැන්චෙස්ටර්’ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,000 ක් අඩංගු දුම්වැටි කාටුන් 110 ක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ලැබුවා.

කෙසේනමුත් ඔහු මේ වනවිට ඇප මත නිදහස් කර ඇති අතර මොහු ලබන 11 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.