― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් 04ක සහාය ජනපතිට

ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් 04ක සහාය ජනපතිට

එළැඹෙන ජනාධිපතිවරණයේදී දිවයිනේ ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් හතරක සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටිනවා.

එම සංගම් නියෝජනය කරන නියෝජිතන් දහසක් පමණ අද (04) උදෑසන කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක ද නිරත වුණා.

වසර 25ක් පුරා විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ විසඳුම් නොලැබුණු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට පැය 24ක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ එහිදී ජනාධිපතිවරයා වෙත ස්තුතිය පළ කළ ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය සමයේ රැකියාව කරගත නොහැකිව දින ගණනක් ඉන්ධන පෝලිම්වල රස්තියාදු වූ තමන් එම තත්ත්වයෙන් මුදාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට තමන්ට අවශ්‍ය නොවන බවත් පැවසීය.

ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් 2025 වසරේ සිට හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය බරින් පීඩා විඳින ත්‍රිරෝද රථ රියදුරන්ගේ එම ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු මඟින් අවස්ථාව සලසා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“දැන් දස ලක්ෂ ගණනකට ත්‍රිරෝද රථ අයිතිය තිබෙනවා. එම නිසා අප මෙම ත්‍රිරෝද රථ කර්මාන්තය නිසි රාමුවක් තුළ සංවිධානය කළ යුතුව තිබෙනවා. ත්‍රිරෝද රථ කර්මාන්තය මුහුණදී සිටි නියාමනය පිළිබඳ ගැටළුව අප දැනටමත් විසඳුම් ලබා දී තිබෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ද අප කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා කර්මාන්තය තුළ ඇති වූ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කර රාජ්‍ය බැංකු දෙක මගින් සහන ලබා දීමටත් ඒ පිළිබඳ පුද්ගලික බැංකු සමග ද සාකච්ඡා කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ත්‍රිරෝද රථ කර්මාන්තය සඳහා මීට වඩා විධිමත් සංවිධානයක් අවශ්‍යයි. සෑම පළාතකම මෙම සංගම්වල නියෝජිතයන් සහ පොලිසිය, පළාත් සභා නියෝජනයක් සමඟ කමිටු පත් කර මෙහි අනාගත දියුණුව පිළිබඳ නව පියවර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ ඉන්ධන පමණක් නොව විද්‍යුත් ත්‍රිරෝද රථ අවශ්‍ය වෙනවා. මේ සියලු කටයුතු පිළිබඳ අවධානය යොමු කර අප ඉදිරි කටයුතු කරගෙන යා යුතුයි.”