― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපැමිණිල්ලකට පොලීසියට ආ දැරියට හදි කළ සැරයන්ට වසර 45ක සිර දඬුවම්

පැමිණිල්ලකට පොලීසියට ආ දැරියට හදි කළ සැරයන්ට වසර 45ක සිර දඬුවම්

කොළඹ මහාධිකරණය විසින් පොලිස් සැරයන්වරයෙකුට වසර 45ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ පැමිණිල්ලක් කිරිම සඳහා පොලිස් ස්ථානයට පැමිණි 16 හැවිරිදි බාලවයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා, ඇයව අවස්ථා ගණනාවකදී දූෂණය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වීම හේතුවෙන්.

ඒ අනුව 27 හැවිරිදි විවාහක පොලිස් සැරයන්වරයාට හට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිම් වසර 45ක සිර දඬුවම් නියම කර ඇති අතර වින්දිත දැරිවියට රුපියල් ලක්ෂ දෙකාමාරක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.

අබේවර්ධන ලියනාරච්චිගේ ප්‍රභාත් උදයංග නැමැති පොලිස් සැරයන්වරයෙකුටයි මෙලෙස සිර දඬුවම් හා වන්දි නියම කර ඇත්තේ.

එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක සිර දඬුවම් නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

එමෙන්ම තවත් රුපියල් 30,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා ප්‍රකාශ කළේ එකී දඩය නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක සිර දඬුවම් නියම කරන බවයි.

තමාට අත්හිටවූ සිර දඬුවම් නියම කරන ලෙස විත්තිකරු විත්තිකුඩුවේදී ඉල්ලා සිටි අතර විනිසුරුවරයා විත්තිකරුට පෙන්වා දී ඇත්තේ පොලිසිය විශ්වාස කරමින් සේවය ලබාගැනීමට පැමිණි පුරවැසියෙකු ආරක්ෂා කරනවා වෙනුවට එලෙස අපහරණය කිරීම රාජකාරිය පැහැර හැරීමක් මෙන්ම බරපතල වරදක් බවයි.

එම පොලිස් නිලධාරීයාගේ ක්‍රියාව නිසා ශාරීරිකව මෙන්ම මානසිකව අපයෝජනයට ලක් වූ වින්දිත දැරිය කිහිප වතාවක් සියදිවි නසා ගැනීමට පවා උත්සහ දරා ඇති බව රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක එහිදී පැවසුවා.

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇගේ ජිවිතය බේරා ගෙන ඇති බැවින් මෙම සිද්ධිය සුළු කොට තැකිය නොහැකි බවත් එබැවින් දැඩි දඬුවම් පමුණුවන ලෙසත් අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු චෝදනා තුනටම වරදකරු කරමින් එක් චෝදනාවට වසර 15 බැගින් වසර 45ක් සිරදඬුවම් නියම කර එවා එකවර ගෙවීයන ලෙස වසර 15ක සිර දඬුවම් හා රුපියල් 30000ක දඩයක් ගෙවීමට නියෝග කළේය.