― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටට ආදරේ මිනිස්සු තමයි පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ - නාමල්

රටට ආදරේ මිනිස්සු තමයි පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ – නාමල්

මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු 21 වැනිදාට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් කතිරෙ ගසන්නේ පොහොට්ටුවට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රටට ආදරය කරන දේශපාලන කඳවුරක් බවත් ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) හලාවත, ආරච්චිකට්ටුවේ පැවති ජනරැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නොමැති බවයි.

පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒක වගකීමෙන් කරනවා. අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක මේ රටේ සිදුව නැහැ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු 10 තුළ බිලියන 80, 85 ආර්ථිකය බිලියන 185 දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වන්නේ. ඒ තුළ තමයි මිනිසුන්ගේ අතට සල්ලි යන්නේ. ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙල සමඟ අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු දේශපාලන බලවේගයයි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි.

ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක් වෙලාවක ඡන්ද නැහැ කියනවා. නමුත් රැස්වීම්වලට යනවිට බයයි. මේ රටේ මිනිස්සු දන්නවා. මහපොලවට පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු 21 වැනිදාට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා.”