― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල්ට කා එක්කවත් ඩීල් දාන්න ඕනේ නෑ - නලින්

රනිල්ට කා එක්කවත් ඩීල් දාන්න ඕනේ නෑ – නලින්

තනි මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු දෙකහමාරක් මේ රටේ වගකීම දැරූ ජනාධිපතිවරයාට කා සමඟවත් ඩීල් දාන්න අවශ්‍ය නැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

අද පවතින තත්වයට භාණ්ඩ මිල, ජීවන වියදම අඩු කරගත හැකි වුණේ ඩොලරය ඉහළ යාමට නොදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීම තුළ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) කොළඹ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තව මාසයක් ඇතුළත බැංකු පොලිය 9% දක්වා අඩුවෙන අතර එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා විශාල පිටිවහලක් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

“රජය බාරගන්න වෙලාවේ තිබුණු ආර්ථික තත්ත්වය නෙමෙයි අද රට තුළ තියෙන්නේ. වර්තමාන ආර්ථික ස්ථාවරතාවය තුළ මේ රටේ ජනතාවගේ, ජීවන වියදම අඩුවෙමින්, ආදායම වැඩි වෙමින්, ඒ ජනතාවට පහසුකම් සලසමින් තිබෙනවා. ආර්ථික අර්බුදය තුළ මූලික කරුණු කිහිපයක් රටේ ජනතාවට බලපෑවා. බලශක්ති අර්බුදය, ඖෂධ හිඟකම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකම, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම, රටේ ඩොලර් සංචිත ප්‍රමාණය අඩුවීම, සංචාරක ව්‍යාපාරය කඩාවැටීම, විදේශ ප්‍රේෂන හා ලැබෙන ආදායම් අඩුවීම, වැනි කාරණා ආර්ථික අර්බුදය තුළ මතු වුණා. මේ අවුරුදු දෙකහමාර තුළ ඒ සඳහා ලබා දුන් වැඩපිළිවෙළ තුළ රටක් වශයෙන් අපි ඉදිරියට ආ හැටි මතක් කරන්න කැමතියි.

2025 වන විට රාජ්‍ය ආදායම වැඩි කරගෙන රාජ්‍ය ආදායමෙන් රජයේ සේවකයින්ගේ වැටුප් සඳහා යන මුදල අඩුකරගෙන තිබෙනවා. 2025 වන විට මුළු රාජ්‍ය සේවක වියදම සමස්ත රාජ්‍ය ආදායමෙන් 25% ප්‍රතිශතයක් දක්වා ගෙන ඒමට IMF ගිවිසුම සහ අත්සන් කළ අනෙකුත් ගිවිසුම් සමග එකඟතා ඇතුවයි මේ වැඩපිළිවෙළ යන්නේ.

අපි ප්‍රායෝගිකව මේ රට තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් තියෙනවා. මිනිස්සුන්ගේ ඇඟට දැනෙන, විඳින වැඩපිළිවෙළක්. අනෙකුත් අය කතා කරන්නේ සහන ලබාදීම ගැන මිස ආදායම් වැඩි කර ගැනීමට කරන දේ ගැන නෙමෙයි. ඉලක්කම් සමග ගලපලා මේ සහන ජනතාවට දෙන ආකාරය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ මේ ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල. ඉතාම විනිවිදභාවයක් ඇති ඉලක්කම් සහිත වැඩපිළිවෙළක් ඇති රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් සමග ඉදිරිපත් කරපු එකක්.

සහන දෙන බව කැමැත්තෙන් කිව්වට ඒකට මුදල් හොයාගැනීම හරහා මිනිස්සුන්ට නැවත බරක් වැටෙන ආකාරය ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ හංගල ගහන දේවල් නැහැ. අපි වසර දෙකහමාරක් තිස්සේ IMF හා ලෝකය සමඟ විනිවිද භාවයෙන් වැඩපිළිවෙළක් ගෙන ගියා. කිසිම වෙලාවක දේශපාලන වාසි ගන්න ආර්ථිකය හැසිරුවේ නැහැ. තනි මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු දෙකහමාරක් මේ රටේ වගකීම ඉදිරියට අරන් ආපු ජනාධිපතිතුමාට කා එක්කවත් ඩීල් දාන්න අවශ්‍ය නැහැ. ඩීල් එකක් තියෙන්නේ ජනතාව සමග විතරයි. නැවත ආර්ථිකය කඩාවැටෙන්නට ඉඩ නොදී ඉදිරියට ගෙන යන නායකයා තෝරගන්න ජනතාව කටයුතු කරයි.”