― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල්ට තවත් වසර 05කට බලය දෙන්න - චන්ද්‍රසේන

රනිල්ට තවත් වසර 05කට බලය දෙන්න – චන්ද්‍රසේන

රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ අවස්ථාව උදාකර දීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහට හිමි විය යුතු බවත් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් නැවත වසර පහකට රනිල් ක්‍රමසිංහට බලය ලබාදිය යුතු බවත් හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය නිශ්චිත වශයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා මේ වන විටත් සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැටුණු රට මේ ආකාරයට කෙටි කාලයක් තුළ ආර්ථිකය ගොඩනැගීමට සමත් වූ බවයි ඔහු සඳහන් කළේ.

තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමේ ගෞරවයට මහින්ද රාජපක්ෂට රටේ ජනතාව ඡන්දය ලබා දී ජනාධිපති කරගත් බවත් රනිල් වික්‍රමසිංහ ද පසුගිය කාලයේදී යුද්ධයකට වඩා එහා ගිය ආර්ථික යුද්ධයෙන් රට අස්ථාවර වීමට ගිය මොහොතේ රට බේරාගෙන ආර්ථිකය ගොඩනැගීමට සමත් වී රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ අවස්ථාව උදාකර දුන් බවයි ඔහු එහිදී අවධාරණය කළේ.