ත්රිරෝද රථයක් අපරික්ෂාකාරී ලෙස ප්රධාන මාර්ගයට ඇතුල් කිරීමේදී ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
හැටන් පොලිසිය පැවසුවේ අද (04) උදෑසන හැටන් – බගවන්තලාව ප්රධාන මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්රදේශයේදී
මෙම අනතුර සිදුව ඇති බවයි.
ත්රිරෝද රථය ප්රධාන මාර්ගයට ඇතුල් කරන අවස්ථාවේ හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුරුව ත්රිරෝද රථය ප්රධාන මාර්ගය අභියස ගාල් කර තිබූ තවත් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති අතර වාහන තුනටම දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පොලීසිය පවසන්නේ ත්රිරෝද රථයේ රියදුරා අපරික්ෂාකාරි ලෙස ත්රිරෝද රථය ප්රධාන මාර්ගයට ඇතුල් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.