28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් සිවුදෙනෙක් අත්අඩංගුවට

උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් සිවුදෙනෙක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිවුදෙනෙක් ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිවුදෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 47ක් සහ ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.