27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදයාසිරිගේ ප්‍රකාශයට වාරණ නියෝගයක්

දයාසිරිගේ ප්‍රකාශයට වාරණ නියෝගයක්

පසුගිය අගෝස්තු 17 වැනිදා අකුරැස්ස ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මත්පැන් බලපත්‍ර තුනක් ලබා ගෙන ඒවා වෙනත් පාර්ශ්වයකට විකුණා රුපියල් කෝටි 15ක් උපයා ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශය මින් ඉදිරියට කිසිඳු සමාජ මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන අද (05) වාරණ නියෝගයක් නිකුත් කළා.

එම වාරණ නියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙතද නිකුත් කළ අතර මේ සම්බන්ධ නඩු විභාගය අවසන් වන තුරු එකී ප්‍රකාශය කිසිදු මාධ්‍යයක පළ කිරීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කිරීමට නියෝග කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම පැමිණිල්ල ලබන 19 වැනිදා කැඳවීමට ද නියම කළේය.

විත්තිකාර දයාසිරි ජයසේකර කළ එම අසත්‍ය ප්‍රකාශය නිසා මධ්‍යම පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම ජනප්‍රිය අමතර පන්ති ගුරුවරයෙකු ලෙස ජනාදරයට පත්ව සිටින තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වූ බැවින් ඒ සඳහා රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.