― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනාමල්ට එරෙහි අයථා මුදල් නඩුවක් කල් යයි

නාමල්ට එරෙහි අයථා මුදල් නඩුවක් කල් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන වසරේ පෙබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

එම නඩුව අද (05) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණා.

එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම විමර්ශනයට අදාළ උදෘත සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

එහිදී නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණය ඉදිරියේ දැනුම් දෙනු ලැබුවා.

පසුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 13 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.