23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිදි යහනේදීම කාන්තාවක් කපා කොටා ඝාතනය කරලා

නිදි යහනේදීම කාන්තාවක් කපා කොටා ඝාතනය කරලා

සීදුව ප්‍රදේශයේදී ඊයේ (04) තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සීදුව පොලිස් වසමේ පිහිටි නේවාසිකාගාරයක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා නිදියහනේම අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වයස 43 හැවිරිදි එක්දරු මවක් වන අතර ඇයගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව වෙළඳ කලාපයට අනුයුක්තව මෑන් පවර් ආයතනවලට සම්බන්ධ වී රැකියාවේ නිරතව සිට ඇති බවයි.

ඝාතනය සිදු කළ තැනැත්තා සොයා සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.