― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල්ගේ කැරට් අලේට රැවටුණු කාලේ ඉවරයි - හඳුන්නෙත්ති

රනිල්ගේ කැරට් අලේට රැවටුණු කාලේ ඉවරයි – හඳුන්නෙත්ති

රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්දවලින් 70%කට වැඩි ප්‍රමාණයක් අනුර දිසානායක ලබා ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුනෙත්‍ති පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු කිරීම සදහා මින්නේරිය, මහසෙන්පුර ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.

අද ජනතාව පාලකයො බවට පත් වී පාලකයින් සේවකයින් බවට වෙනස් වී ඇති බවත් රාජ්‍ය සේවකයින් තවදුරටත් රනිල් වික්‍රමසිංහ දෙන කැරට් අලවලට නොරැවෙටෙන බවත් ඔහු එහිදී අවධාරණය කළා.

“සමහර අපේක්ෂයින්ට කැන්වසින් යන්න කවුරුවත් නෑ. ඒ අය TV වල ඇඩ් දාලා, වෙළෙඳ දැන්වීම්වලින් දිනලා ඉන්නේ. සමහර දැන්වීම් චිත්‍රපටි වගේ. ඇඩ්වලින් රනිල් වික්‍රමසිංහ දිනලා ඉවරයි. නමුත් මේ සැරේ ජනතාවගේ ඡන්දවලින් දිනන්නේ අනුර කුමාර දිසානායකයි. ඒ නිසා දැන් බොරු විදිනවා. අනුර ආපුහම පෝය අහෝසි කරනවලු. මෙච්චර කල් ඒ කට්ටිය හිතාගෙන හිටියේ ඒ අය පාලකයො මේ රටේ ජනතාව සේවකයෝ කියලා. ඒ නිසා දැන් ඒක වෙනස් වෙලා. අද ජනතාව පාලකයෝ බවට පත්වෙලා පාලකයින් සේවකයින් බවට වෙනස්වෙලා තියෙන්නේ. ඒ නිසා
ආණ්ඩු උපයන්නේ නෑ. හම්බ කරන්නේ උපයන්නේ බදු ගෙවන්නේ ජනතාව.

නමුත් ජනතාවට ආණ්ඩුවෙන් සේවාවක් වෙන්නේ නෑ. ඒ නිසා ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන. හොරකම දූෂණය, නාස්තිය වළක්වලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඕන. තනි පුද්ගයෙකු නඩත්තු කරන්න කෝටි 1550ක් වියදම් කරනවා. අපේ රටේ පාසල් 10000ක් තියෙනවා. අපේ රටේ ටොයිලට් නැති පාසල් 8000ක් තියෙනවා. ඒ ජනාධිපති වැය ශීර්ෂයට වෙන්වෙන මුදලින් බාගයකින් මේ රටේ පාසල් 1500කට කෝටි භාගය ගානෙ දෙන්න පුලුවන්. ඒ නිසා විශාල ධනයක් එක් පුද්ගලයෙකු වෙනුවෙන් වැය කරනවා. ඒ නිසා ඒ නාස්තිකාර මුදල්වලින් මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තයට භාගයක් යොදවන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ දැන් තැපැල් ඡන්දයට කලින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා කිවුවා. නමුත් මේ පැවැත්වෙන රාජ්‍ය සේවකයින් රනිල් වික්‍රමසිංහ දෙන කැරට් අලවලට තවදුරටත් නොරැවෙටෙන බව මේ තැපැල් චන්දයේදී මේ රටේ රාජ්‍ය සේවකයින් ඔප්පු කර පෙන්වන එක අනිවාර්යයි. රනිල් වික්‍රමසිංහට වෙන්නේ විපක්ෂයට යන්නයි.”