29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජබෙට වූ අසාධාරණයක් ගැන මුජිබර්ගෙන් පැමිණිල්ලක්

සජබෙට වූ අසාධාරණයක් ගැන මුජිබර්ගෙන් පැමිණිල්ලක්

සජිත් ප්‍රේමදාසගේ අවසන් කොළඹ රැළිය කඩා කප්පල් කිරීමේ වෑයමක් සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාසගේ කොළඹ පැවැත්වීමට නියමිත අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය පිළිබඳව ගැටළුවක් පැන නැගී ඇති බවයි ඔහු පවසන්නේ.

සමගි ජන බලවේගය විසින් අවසන් රැලිය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇති ස්ථානයම එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ නගර සභාවෙන් ඉල්ලා ඇති බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේ මේ ඉල්ලීම හේතුවෙන් සමගි ජන බලවේගයට අසාධාරණයක් සිදු වී ඇති බවයි.

සමගි ජන බලවේගය එම ස්ථානය මුලින් ඉල්ලා සිටියත් නාගරික කොමසාරිස්වරිය විසින් එම ස්ථානය එක්සත් ජාතික පක්ෂයට වෙන්කර දීමට උත්සාහ දරමින් සිටින බව ඔහු මෙම පැමිණිල්ලෙන් දක්වා තිබෙනවා.