29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහරීන්ගේ ඉඩම් කොල්ලයක් ගැන වසන්තගෙන් පැමිණිල්ලක්

හරීන්ගේ ඉඩම් කොල්ලයක් ගැන වසන්තගෙන් පැමිණිල්ලක්

සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

ඒ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ (LRC) නිලධාරීන් සමඟ එක් වී වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින්.

ඊයේ (04) අල්ලස් කොමිසම වෙත පැමිණි මන්ත්‍රීවරයා චෝදනා කළේ වන සංරක්ෂණයට පවරාගත් ඉඩම්වලට ළ්ර්‍C ඉඩම් අනීතිකව හිලව් කර කෝටි ගණනක් වටිනා ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවයි.

සුප්‍රසිද්ධ යකඩ නිෂ්පාදන කම්හලක හිමිකරුවෙකුගේ මාමණ්ඩියට අයත් මීමුරේ පිහිටි වන සංරක්ෂනයට පවරාගත් ඉඩමකට, LRC ආයතනයේ ලොක්කන් සහ හිටපු ඉඩම් ඇමති හරීන් එක් වී කොළඹින්, හන්තානෙන්, කටානෙන් කෝටි ගණන් වටින රජයේ ඉඩම් අක්කර ගණන් හුවමාරුවට දී ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම සමහර ලිපි ලියන්නේ බැක්ඩේට් කරමින් බවත් කොටි ත්‍රස්තවාදය පරාජය කරපු රටේ ඉඩම් ත්‍රස්තවාදය පරාජය කරන්න බැරි වීම අසතුටට කරුණක් බවත් ඔහු අවධාරණය කළා.