― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතැපැල් ඡන්ද විමසීමේ තෙවැනි දිනය අදයි

තැපැල් ඡන්ද විමසීමේ තෙවැනි දිනය අදයි

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ තෙවැනි දිනය අදයි.

දිවයින පුරා පිහිටි 1500කට අධික ඡන්ද මධ්‍යස්ථානවලදී මෙම තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

පෙරේදා (04) දිනයෙන් ඇරඹි මෙම තැපැල් ඡන්ද විමසීම ඊයේ (05) සහ අද (06) පැවැත්වෙනවා.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලීසිය සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩල සඳහායි අද දිනයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දී ඇත්තේ.

එමෙන්ම මෙම දින තුනේදීම තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන 11 සහ 12 වශයෙන් අතිරෙක දින දෙකක් ලබා දී තිබෙනවා.