― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනායකයෙකුට ඕනෑම අයෙක් සමඟ වැඩ කිරීමට හැකි විය යුතුයි - ජනපති

නායකයෙකුට ඕනෑම අයෙක් සමඟ වැඩ කිරීමට හැකි විය යුතුයි – ජනපති

නායකයෙකු යනු ඕනෑම කණ්ඩායමක් සමඟ වුවද වැඩ කළ හැකි පුද්ගලයෙකු බවත් රට අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ රට ගොඩගැනීමට එක්වූ කණ්ඩායම සමඟ එක්ව තමා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ
මතුගම පුද්ගලික බස් නැවතුම්පොළ භූමියේ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’
විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ධුරයේ වගකීම ගැන කතා නොකර කණ්ඩායම ගැන කතා කිරීම නිසා සජිත් යනු වගකීමක් දැරිය නොහැකි පුද්ගලයෙකු බව තහවුරු වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

සජිත් විපක්ෂ නායකයා ලෙස සිදු කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීම බවත් ඒ නිසා මේ වන විට ජනතාව සජබට කියන්නේ AKD ඔක්සිජන් කියා බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

“අපි මේ මැතිවරණය පවත්වන්නේ ජනතා වරම ලබා ගැනීම සඳහායි. එහිදී මා ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින්නේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර රට නැවත බංකොළොත් නොවන ආර්ථික වැඩසටහන ආරම්භ කිරීමටයි. මේ රටේ වැටුණු ආර්ථිකය අපි වසර දෙකකින් ගොඩගත්තා. නමුත් තවම එම ගමන අවසන් කර නැහැ. ඒ වැඩකටයුතු අවසන් කිරීමට අපට තව වසර තුන හතරක් අවශ්‍ය වෙනවා. අපි මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

මෙම මැතිවණයේදී තෝරාගත යුත්තේ ජනාධිපතිවරයා කවුද යන්නයි. ධුරයේ වගකීම පිළිබඳ කථා කිරීමට එම අපේක්ෂකයාට ශක්තිය තිබිය යුතුයි. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කණ්ඩායමක් තේරීම වෙනුවෙන් නෙවෙයි. පාර්ලිමේන්තුවට හොඳ අය තෝරාපත් කර ගැනීම ජනතාවගේ වගකීමක් වෙනවා. දැන් දූෂණ විරෝධී නීතිය
තිබෙන නිසා වරදක් සිදු කළොත් ඔහුව ඉවත් කිරීමට මම ක්‍රියා කරනවා. මම මා සමඟ සිටින කණ්ඩායම සමඟ වැඩ කරනවා. නායකයා කියන්නේ ඕන කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි පුද්ගලයෙකුටයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ලෙස කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීමයි. දැන් අනුර කුමාර සජිත්ට අභියෝගයක් වෙලා. ඒ නිසා සජිත්ට මෙවර ජනාධිපතිවරණය දිනන්න බැහැ. ඒ නිසා සජිත්ට ඡන්දය ලබාදීම අනුර කුමාරට ඔක්සිජන් ලබාදීමක් බව මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න කැමතියි. දැන් ජනතාව සජබෙට කියන්නේ AKD ඔක්සිජන් කියලයි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ඔබේ යුතුකම ඉටු කරන්න.”