23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමියන්මාර ග්‍රහණයේ සිටි ලාංකිකයින් 20ක් දිවයිනට

මියන්මාර ග්‍රහණයේ සිටි ලාංකිකයින් 20ක් දිවයිනට

මියන්මාරයේ කඳවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි.

ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීමෙන් මොවුන් මෙරටට ගෙන්වාගෙන තිබෙනවා.

මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත්, ඊයේ (05) රාත්‍රී 11.09 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කර ගෙන, පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත මොවුන් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබෙනවා.