― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරනිල් ඡන්දෙට සල්ලි හෙව්වේ වීසාවලින් කොමිස් ගහලා - වසන්ත

රනිල් ඡන්දෙට සල්ලි හෙව්වේ වීසාවලින් කොමිස් ගහලා – වසන්ත

බරපතලම අසාධාරණ විභාග ක්‍රමයක් වන ශිෂ්‍යත්ව විභාගය තම රජයක් යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගය විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මිහින්තලේ, රැබෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා සල්ලි හෙව්වේ වීසා නිකුත් කිරීමේදී එක් වීසා එකකින් ඩොලර් 10ක මුදලක් කොමිස් ලෙස අරන් බවත් එලෙස වසරකට කෝටි 1200ක් ගසා කා ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

තම පාලනයක් තුළ කෘෂිකර්මාන්තයේ නියැළීමට නම් ගොවියාට ඩිප්ලෝමාවක් අවශ්‍ය බවත් මින්පසු අක්කර ගණන් ගොවිතැන් කිරීමට ඉඩ නොදෙන බවත් හට් එකේ, නෙට් එකේ කුඩා ප්‍රමාණයක කෘෂිකර්මාන්තය කරගෙන යෑමට ඉඩ හසර වෙන්කර මෙම කෘෂිකර්මාන්තය ලෝක වෙළඳපොළ සමඟ එකතු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම ලෝකයේ රටවල්වලට ඔවුන්ගේ රජයක් තුළ ගෘහ සේවයට කාන්තාවන් නොදෙන බවත් ඒ වෙනුවට හෙද හෙදියන් පුහුණු කර ඔවුන්ගේ රෝහල්වලට ලෙඩ්ඩු බලා ගැනීම සඳහා පමණක් පිටරට රැකියා අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.