― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅරගලෙන් ඉල්ලූ වෙනස රනිල් කරලා පෙන්නුවා - සාගල

අරගලෙන් ඉල්ලූ වෙනස රනිල් කරලා පෙන්නුවා – සාගල

අරගලයෙන් ඉල්ලූ වෙනස රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර ඇති බවත් එතුමා රටට ආදරේ නායකයෙක් බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) පුළුවන් ශ්‍රී ලංකා නාරහෙන්පිට ජන හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සාගල රත්නායක කියා සිටියේ රනිල් වික්‍රමසිංහ යනු ලේසියෙන් සැලෙන චරිතයක් නොවන බවත් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු එතුමාගේ දිව කෙළවරේ හැමදාම තියෙන බවත් ය.

“එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂට නිතර නිතර දැනුවත් කරා ආර්ථිකය වැටෙන්න එනවා කියලා. එදා අපි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ කියලා. එතුමාගේ උපදේශකවරු එම කතන්දරේ පිළිගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහටත් කියන්න තිබ්බා ඊලඟ පෝයට මේක වැටෙයි ඊළඟ පෝයට මේක වැටෙයි කිය කිය. අපිට 2015 දිත් ඔය විදිහටම කරා. ඊළඟ පෝයට මෙය ආණ්ඩුව වැටෙනවා කිය කිය හිටියා. අපිටත් ඒකම ආපහු කිය කිය ඉන්න තිබ්බා. එතුමා එහෙම කළේ නෑ එතුමා රටට ආදරෙයි. අපිට එදා ආණ්ඩුව පෙරලන්න තිබ්බා ඒත් අපි ඒක කරේ නෑ. මොනවා කරත් රට ස්ථාවරව තියෙන්න ඕනේ. දේශපාලනය කරන්නත් රට ස්ථාවර තියෙන්න ඕනේ රට අස්ථාවර කරොත් ජනතාවට තමයි හානි වෙන්නේ.

ආයි ඡන්දයක් දිනන්න බොරු කියන කෙනෙක් නෙමේ රනිල් වික්‍රමසිංහ. හැම වෙලාවෙම වැඩපිළිවෙළක් ගැන තමයි කතා කරන්නේ. දැන් ඉදිරිපත් කරල තියෙන්නෙත් වැඩපිළිවෙළක්. ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජන බලවේග⁣ය දිහා බලන්න අපේ රටේ ආදායම වගේ දෙගුණයක් ඕන වෙනවා එම පොරොන්දු ඉෂ්ට කරන්න මේවා බොරු පොරොන්දු වෙනවා. නැත්නම් ආයිත් අපි පාරට වැටෙනවා එච්චරයි වෙන්නේ. රෑ වැටිච්ච වලේ ආයිත් දවල් වැටෙන්න එපා. අපිට පේන්න වැඩපිළිවෙළක් තියෙන වැටිච්ච රට ගොඩනැගුවා එතුමා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වෙද්දී අනිත් පක්ෂ කිසිම එකක් සහයෝගය දුන්නේ නැහැ කකුලෙන් ඇද්දා. අපි හැමෝටම ආරාධනා කරා උදව් කරන්න කියලා කවුරුවත් ආවේ නෑ. අවසානයේ මේ රටේ හැමෝම දේශපාලනය කරන්නේ මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. මදාම කරේ කකුලෙන් ඇදපු එක මේ ආණ්ඩුව ගෙදර යවන්නමේ රටේ ස්ථාවර කරපු කෙනාව ගෙදර යවන්න තමයි දැන් හැමෝම බලන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම සැලෙන් නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කලබල වෙන්නැති කෙනෙක් ප්‍රශ්නයක් ගිහිල්ලා කිව්වම ඒකට පිළිතුර එතුමාගේ හැමදාම දිව කෙළවරේ තියෙනවා. අරගලේ හිටපු ළමයි අපෙන් වෙනසක් ඉල්ලුවා. ඒ වෙනස දැන් අපි කරලා තියෙනවා.”