― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsඅග්බෝගේ ජීවිතය යළි අනතුරේ

අග්බෝගේ ජීවිතය යළි අනතුරේ

කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුර වීමෙන් ජීවිත අවධානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීහු පවසනවා.

මේ වනවිට ඇතාගේ ඉදිරි වම් පාදයේ අධික ලෙස ඉදිමීමකට ලක්ව ඇවිද යාමේ අපහසුතාවට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම ඇතා ගමන්කරද්දි ඉදිරි වම් පාදයට බර නොදී ඉතිරි පාද තුනෙන් ගමන් ගන්නා අයුරු දැකීම අග්බෝ සමීපයට යන කොයි කාගේත් නෙතට කඳුළක් උණන දසුනක් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

2023 වර්ෂයේ ජූලි මස 07 වැනිදා අග්බෝ ඇතා මුල්වරට අසනීප වී ඇති බව අනාවරණය වූ අතර එදින පටන් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් හා නිලධාරීන් විසින් අවස්ථා 102ක දී විවිධ ස්ථාන හා ප්‍රදේශවල දී අග්බෝ ඇතාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කර තිබෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර හමුවේ විටින්විට සුවය ලැබුවත් පාදයේ තුවාල මෙතෙක් නිට්ටාවටම සුව වී නැහැ. එම නිසා මේ දිනවල දිවා කාලවලදී පවා අග්බෝ ඇතා ගම්වැදීමට යළි පටන්ගෙන ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

තිරප්පනේ උලගල්ල, කණුමුල්ලේගම, වන්නම්මඩුව, ඇතුන්ගම, පිත්තලකොන්ඩෑරුම හා අලිස්ථාන යන ගම්මානවල අග්බෝ ඇතා මේ දිනවල වාසභූමිය කරගනිමින් ජනතාව සමීපයට ඒමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාදයේ ඉදිමීම උත්සන්නවීම නිසා ඇතාගේ ජීවිතයට දැන් තර්ජනයක් එල්ල වී ඇති අතර ගම්මානවලට පැමිණෙන අග්බෝ පන්නා දැමීම සඳහා අලි වෙඩි දැමීමෙන් දැඩි හිංසනයක් ඇතාට එල්ල වී ඇතැයි ද ගොවීන් පවසනවා.

අලි වෙඩි ඇතාගේ ශරීරයේ වැදී පිපිරුණ ද ඌ නිසොල්මන්ව සිටීමෙන් ශ්‍රවණ ආබාධයකට ලක්වීමේ අවදානමක් පවතින අතර එමෙන්ම වම් ඇසක පෙනීමේ දුර්වලතාවයක් ද පවතින බව වාර්තා වනවා.