29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොරොන්දු ඉටු කළ හැකි එකම නායකයා රනිල් විතරයි - ශෙහාන්

පොරොන්දු ඉටු කළ හැකි එකම නායකයා රනිල් විතරයි – ශෙහාන්

ජනතාවට ලබාදෙන පොරොන්දු ඉටු කළ හැකි එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ පමණක් බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නියත වශයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ලබන වසරේ ජනවාරි මාසයේ සිටම රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවයි.

රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවත් රාජ‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ආර්ථික අර්බුදය තුළ ගොඩනැඟෙන නව ආර්ථිකය මගින් සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ගලාගෙනය යාමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවකයාටත් වැටුප් වැඩි කිරීමට ප්‍රකාශ කර තිබියදී එය අසත්‍ය තොරතුරක් ලෙස සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් එක්තරා පුවත්පතක් මගින් කටයුතු කර ඇති බව ඔහු අවධාරණය කළා.

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් විසින් ජනතාව වෙත කුමන පොරොන්දු ලබා දුන්නද ජනතාවට ලබාදෙන පොරොන්දු ඉටු කළ හැකි එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ පමණක් බවයි ඔහු අවධාරණය කළේ.