විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබාදෙනු ලබන මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සලකා බලමිනුයි අමාත්‍ය මණ්ඩලය මීට අනුමැතිය ලබා දී ඇත්තේ.