29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයෝ උතුරේ ආණ්ඩුකාරවරිය හමුවෙයි

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයෝ උතුරේ ආණ්ඩුකාරවරිය හමුවෙයි

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් ඊයේ (09) උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස් හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.

එහිදී ජනාධිපතවරණයට අදාළව උතුරු පළාතේ වත්මන් තත්වය පිළිබද දෙපාර්ශවය සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් රට තුළ පවත්වනු දැකීම සිය අපේක්ෂාව බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මෙම නිරීක්ෂකයින් හට පෙන්වා දී ඇත්තේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමකාමීව සිදු කරනු ලබන බව ආණ්ඩුකාරවරිය එහිදී පෙන්වා දී ඇති අතර ජනතාව ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කමද ආණ්ඩුකාරවරිය විසින් අදාළ නිරීක්ෂකයින්ට පෙන්වා දී තිබෙනවා.