29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල්ට යුතුකම ඉටු කරන්න ජනතාව බලා සිටිනවා - අකිල

රනිල්ට යුතුකම ඉටු කරන්න ජනතාව බලා සිටිනවා – අකිල

රටේ අර්බුදය නැති කළ රනිල් වික්‍රමසිංහට යුතුකම ඉෂ්ට කරන්න ජනතාව සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අද (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

ජනතාව නැවත අත්හදා බැලීම් කරන්නෙ නැතිවෙයි කියා තමා සිතන බවත් රනිල් වික්‍රමසිංහගෙන මේ වසර දෙක තුළ හොඳ නායකයෙක් දැකගත හැකි වූ බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

“රටේ අර්බුදය නැති කරපූ හින්දා තමයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන්න කියලා. අපිට පේනවා තැපැල් ඡන්ද වැඩිපුරම තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. මං හිතනවා ජනතාව නැවත අත්හදා බැලීම් කරන්නේ නැතිවෙයි කියලා. අපි කියන්නේ ගෑස් ටැංකියට ඡන්දෙ දෙන්න. නැවත රට කලින් තිබුණ විදිහට පත් කරගන්න එපා. එතුමා ශක්තිමත් ජනාධිපති කෙනෙක් වුනාම එතුමා හොඳට රට පාලනය කරයි.

අපිට මේ අවුරුදු දෙකේ තමා හොඳ නායකයෙක් බලාගන්න පුළුවන් වුනේ රනිල් වික්‍රමසිංහගෙන්. 3% බලවේගය විපක්ෂය කඩාගෙන එනවා කියන්නේ ඒකෙන්ම විපක්ෂයේ දුර්වලකම පේනවා. එක තමා මේ අනුරලා කඩාගෙන එන්න හදන්නේ.”