23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ස්ථිරයි - සියඹලාපිටිය

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ස්ථිරයි – සියඹලාපිටිය

2025 වසරේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන් සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා වැටුප් කොමිසමේ අතුරු වාර්තාව සේම පූර්ණ වාර්තාවටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඊට අයවැය දෙපාර්තමේන්තුවේ එකඟතාව ද ලැබී ඇති බවත්ය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් 25,000 ජීවන වියදම් දීමනාව සහ 24%ක අවම මූලික වැටුප් වැඩිවීමට සියලු නීත්‍යානුකූල අනුමැතිය හිමිව ඇති බවයි.

වසර ගණනාවක් පැවැති වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීම සඳහා 2024 මැයි මස 27 වැනිදා ජනාධිපති කොමසමක් පත් කළ අතර එම කමිටුවේ අතුරු වාර්තාවට 2024 අගෝස්තු මස 12 වැනිදා යළිත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

එහි නිර්දේශ අනුව රුපියල් 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම, අවමය 24%ක් වන පරිදි මූලික වැටුප වැඩි කිරීම, වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, සක්‍රීය රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හිමිවන ජීවන වියදම් දීමනාවෙන් අඩකට සමාන ජීවන් වියදම් දීමනාවක් විශ්‍රාමිකයන්ටත් ගෙවීම ආදී කරුණු නිර්දේශ කර තිබෙනවා.