― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පරදයි

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පරදයි

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 08ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගයේ ඊයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තොරා ගත්තා.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 325ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 263ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 156කට සියල්ලන් දැවී ගියා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඊයේ සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු නොදැවී ලකුණු 127ක් රැස් කළ අතර පන්දුවාර 40ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමට සමත් වුණා.

ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි ටෙස්ට් තරගය මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වසර 10කට පසුව එංගලන්තයේදී ජය ගත් දෙවැනි ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව මීට වසර 26කට පෙර ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී සිය පළමු ජය එංගලන්තයට එරෙහිව වාර්තා කිරීමට සමත් වුණා.