23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයට පෙර

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයට පෙර

2024 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ලකුණු සැකසීම අවසන් අදියරේ පවතින බවයි.

එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පෙරවරු 9.30 සිට 10.45 දක්වා කාලය දෙවැනි පත්‍රය සඳහාත් පෙරවරු 11.15 සිට 12.15 දක්වා කාලය පළමු පත්‍රය සඳහාත් වෙන් කර තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 323,879 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පැවැත්වෙන සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හෝ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමේ කටයුතු කිසිවක් හෙට (11) මධ්‍යම රාත්‍රී 12න් පසුව අවසන් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාර්ණය කළේ.