26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentහමුදාවේ ලොරියක ගැටී අයෙක් ජීවිතක්ෂයට

හමුදාවේ ලොරියක ගැටී අයෙක් ජීවිතක්ෂයට

යුධ හමුදා ලොරි රථයක් ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ දියතලාව යුධ හමුදා කඳවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කඳවුර දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් අද (10) උදෑසන බදුල්ල – මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පල්ලම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.