27 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොලොම්බියාවෙන් එවූ මිලියන 75ක කොකේන් රේගු භාරයට

කොලොම්බියාවෙන් එවූ මිලියන 75ක කොකේන් රේගු භාරයට

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ තිබූ විදුලි උපකරණයක ඉතා සූක්ෂමව සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාෂණ නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.