― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනතාවගේ දුක නිවන්න සජිත් හෝ අනුර ඉදිරිපත් වුණේ නැහැ

ජනතාවගේ දුක නිවන්න සජිත් හෝ අනුර ඉදිරිපත් වුණේ නැහැ

සජිත්ගේ හෝ අනුරගේ අනාගතය නොව තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ කිලිනොච්චි ප්‍රදේශයේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවගේ දුක නිවීමට සජිත් හෝ අනුර ඉදිරිපත් නොවුණු බවත් අසීරුවෙන් ගොඩගත් රටේ ආර්ථිකය රැකගත යුතු බවත් ජනධිපතිවරයා එහිදී සඳහන් කළා.

තමන් ලොව පුරා රාජ්‍ය නායකයන් හමුවෙමින් ජනතාවට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ඉල්ලන විට සජිත් හා අනුර ඡන්දයක් ඉල්ලා සිටි බව සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ වේදනාව හමුවේ ඡන්ද ඉල්ලමින් සහ වැඩ වර්ජන සිදු කරමින් රට අවුල්
කිරීමට උත්සාහ කළ නායකයන් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

එබැවින් අසීරුවෙන් ගොඩනැගූ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යමින් දියුණු රටක් ගොඩනැඟීමේ වගකීම ඉටුකිරීමට සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මීට වසර දෙකකට පෙර ජනතාවට ආහාර තිබුණේ නැහැ. ඉන්ධන, ගෑස්, ඖෂධ සපයා ගැනීමට නොහැකි වුණා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. වගා කරන්න පොහොර තිබුණේ නැහැ. එම අවස්ථාවේ මම මේ රටේ වගකීම භාරගත්තා. මේ රටේ ජනතාව දුක් විඳින අයුරු දැකලා මම කම්පා වුණා. එහිදී ජනතාවගේ ජිවත්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව මම තීරණය කළා. ඒ අනුව මම රටේ වගකීම භාරගෙන ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර ජනතාවගේ කුසගින්න නිවන්න එදා ඉදිරිපත් වුණේ නැහැ.

ඔබ දුක් විඳින විට ඔවුන් බලාගෙන සිටියා. ජනතාවට සහන සැලසීමට අප අරම්භ කළ වැඩපිළිවෙළට ඔවුන් කිසිම සහායක් ලබා දුන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට ඡන්දයක් ඉල්ලුවා. මම ලොව පුරා නායකයන්ට කථා කරමින් ජනතාව වෙනුවෙන් පොහොර, ඉන්ධන ඉල්ලන විට සජිත් හා අනුර ඡන්දයක් ඉල්ලුවා. ජනතාවගේ වේදනාව මතින් ඔවුන් ඡන්ද සහ වැඩ වර්ජන කරන්න උත්සාහ කළා. මම ජනතාවට අවශ්‍ය පොහොර ලබා දී ගොවියා නැවත ගොවිබිමට යැව්වා. ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදී ජන ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කළා.

එදා සිදු වූ ආර්ථික කඩා වැටීම හමුවේ භාණ්ඩ මිල ඉහළ ගියත් ක්‍රම ක්‍රමයෙන් ජනතාවට සහන සැලසීමට අප කටයුතු කළා. භාණ්ඩ මිල අද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙනවා. නැවත රටේ ආර්ථිකය ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා. මේ සමඟ ඉදිරියේදී ජනතාවට තවදුරටත් සහන ලබාදීමට අපට හැකි වෙනවා. එම කටයුතු ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට අප ඔබට සහාය ලබා දෙනවා.

අපි මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙම පළාත්වලට ගෙන්වා ගැනීමටත්, එමඟින් උපයා ගන්නා මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම රට පුරා ආයෝජන කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රදේශයේ විශාල ලෙස සූර්ය විදුලිබලය නිෂ්පාදනය කළ හැකියි. අපි එමඅතිරික්ත නිෂ්පාදන ඉන්දියාව අලෙවි කරමු. ඒ අනුව මේ ප්‍රදේශවල ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළ අප සකස් කර තිබෙනවා. මේ ප්‍රදේශයට ඩිජිටල් ආර්ථිකයක් ගෙන ආ විට කිලිනොච්චි ඉංජිනේරු පීඨය වටා ඩිජිටල් කලාපයක් ඇති කළ හැකියි. ඒ වගේම පුනරින් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟනවා. අපි මේ රට දියුණු කරමු. අප ඔබේ සහාය ඉල්ලා සිටින්නේ ඒ සඳහායි. නමුත් සජිත් හා අනුර ආවොත් කරන්නේ කථා කරන එක විතරයි. අපට අවශ්‍ය මේ
ප්‍රදේශ දියුණු කිරීමටයි. අපට අවශ්‍ය ජනතාවගේ දුප්පත්කම නැති කර හොඳ අනාගතයක් ගොඩනඟාදීමටයි. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතන්න. සජිත් හෝ අනුරගේ අනාගතය නොව ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා.”