26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජයටම කරගෙන ගිය කසිප්පු තිප්පොලක් වටලයි

ජයටම කරගෙන ගිය කසිප්පු තිප්පොලක් වටලයි

පයාගල, නාගහදූව ප්‍රදේශයේදී මහ පරිමාණයෙන් සිදු කරගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.

දොඩංගොඩ පොලිසිය පැවසුවේ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය මගින් පයාගල, දොඩංගොඩ, නාගහදූව, මතුගම යන ප්‍රදේශ රැසකටම මහා පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කොට අලෙවි කර ඇති බවයි.

පයාගල, නාගහදුව ප්‍රදේශයේ ලඳු කැලෑවක ඉතා සූක්‍ෂම ලෙස මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා.

දොඩංගොඩ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලිසිය මෙම ස්ථානයට ළඟා වනවිටත් එහි මත්පැන් නිෂ්පාදනය කරමින් පැවැති බවයි පොලිසිය පැවසුවේ.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය සැකකරු හා මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කළ උපකරණ රැසක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.