29.5 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentටියුෂන් යමින් සිටි දැරිය ටිපර් රථයට බිලිවෙයි

ටියුෂන් යමින් සිටි දැරිය ටිපර් රථයට බිලිවෙයි

යාපනය ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (10) පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක පමණ සිසුවියක් බවයි.

කොකුවිල් ප්‍රදේශයේම පිහිටි උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යමින් සිටි සිසුවියකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ටිපර් රථයේ ගැටුණු සිසුවිය බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.