― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතිස්සගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා හරිනි නඩු මගට

තිස්සගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා හරිනි නඩු මගට

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ රජයක් පිහිටවූ පසු ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් තිස්ස අත්තනායක ජනාධිපතිවරණ වේදිකාවක අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමෙන් තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් වූ බව සඳහන් කරමිනුයි ඇය මෙම නඩුව ගොනු කර ඇත්තේ.

ඒ අනුව තිස්ස අත්තනායකට සහ මෙරට සුප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එරෙහිව රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලමින් හරිනි අමරසූරිය මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

සිය කීර්ති නාමයට අපහාස වන ආකාරයෙන් තිස්ස අත්තනායක පසුගිය අගෝස්තු 19 වැනිදා මාවනැල්ල ප්‍රදේශයේදී ජනාධිපතිවරණ වේදිකාවක දැඩි අපහාසාත්මක අන්දමින් එම ප්‍රකාශය සිදු කළ බවත් එම ප්‍රකාශය අදාළ නාලිකාවේ උදෑසන පුවත්පත් විස්තර සම්බන්ධයෙන් පළ කරන වැඩසටහනක විකාශය කළ බැවින් එමගින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වගඋත්තරකාර පාර්ශ්වයෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කරන දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මෙහි පළමු වගඋත්තරකරු වන තිස්ස අත්තනායක මෙම ප්‍රකාශය අසත්‍ය බව දැන දැනම සිතාමතාම එය සිදු කළ බවත් එමගින් තමා විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස ගොඩනගා ඇති ප්‍රතිරූපයට දැඩි ලෙස හානි වූ බව සිය පෙත්සම මගින් හරිනි අමරසූරිය පෙන්වා දී ඇත්තේ.