27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරකථනයේ සඟවා අයිස් වික්ක අයෙක් පොලිස් දැලේ

දුරකථනයේ සඟවා අයිස් වික්ක අයෙක් පොලිස් දැලේ

ජංගම දුරකථනයේ රහස් කුටියක් සකසා අයිස් ප්‍රවාහනය කළ අයෙක් ඇතුළු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සිවුදෙනෙක් තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තණමල්විල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදීයි මොවුන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මෙහෙයුමේදී ජංගම දුරකථනයක රහස් කුටියක් සකස් කර එහි සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලීසිය පවසන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් අටසීයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් පන්සියය දහයක්, අයිස් මිලිග්‍රෑම් හාරසිය දහයක් සහ අයිස් මිලිග්‍රෑම් හාරසිය අසූවක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් බලහරුව, කුඩාඔය සහ හම්බෙගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.