ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (11) පනත් කෙටුම්පතක් සඳහා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
සේවකයින්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහායි කථානායක මෙලෙස සිය සහතිකය සටහන් කර ඇථ්තේ.
2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.
එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා.