― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsකපුටගේ කූඩුවට රිංගලා රනිල් බිත්තර දානවා - රොෂාන්

කපුටගේ කූඩුවට රිංගලා රනිල් බිත්තර දානවා – රොෂාන්

අද ජනතා වරමින් ආපු මිනිස්සු පස්ස දොරින් ආපු කෙනා මැදිහත්වෙලා දොට්ට දාන තත්ත්වයට පත්ව ඇති බවත් එදා නාමල්ට රාජපක්ෂත් කළේ ක්‍රිකට් දූෂිතයින්ට කඩේ යන එක බවත් ජනාධිපතිවරණ අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝෂාන් රණසිංහ කියා සිටියේ පොහොට්ටුවට දිට්ඨ ධම්මවේදනීය කරුමය පළ දුන් බවත් පොහොට්ටුව තමාව ජනාධිපති කළා නම් මෙහෙම නොවන බවත්ය.

එමෙන්ම තම පාලනයක් යටතේ ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ඇති කරන බවත් ඔහු අවධාරණය කළා.

“අනාගතයේදී ඔබෙත් මගෙත් බලාපොරොත්තුව ක්‍රීඩාව ඉහළට නංවන්නේ කොහොමද කියන එකයි. පුංචි දරුවෙක් ක්‍රියාශීලි වන තරමට ඔවුන් නිරෝගියි. එතනින් එහාට මුල් ළාමා විය පොතපතට පමණක් සීමා වෙලා. සියල්ලන්ටම වගකීමක් තියෙනවා ක්‍රීඩාව දියුණු කරන්න. සංගම් අති බහුතරයක් දූෂිතයි.

73 ක්‍රීඩා පනත බොහොම ශක්තිමත්. එය තවදුරටත් නගා සිටුවන්න මම බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා නීතිය බලාත්මක කරන්න ඕන.
චිත්‍රසිරි පනත බලාත්මක කරනවා. පාසල් සංගමේ සිට අද දූෂිත වෙලා තියෙන්නේ. මම සුසිල් ප්‍රේමජයන්තට කිව්වා ක්‍රීඩාවට ඉඩක් දෙන්න කියලා. ගනන් ගත්තේ නෑ. අද කාලේ බොහෝ දරුවන් සෞඛ්‍යසම්පන්න නෑ. ඒක නිසා ක්‍රීඩාව අනිවාර්ය කළ යුතුයි.

මේ දරුවෝ ක්‍රියාශීලි දරුවන් කරන්න මම හැමෝම සමඟ එකතු වෙලා වැඩකරන්න බලාපොරොත්තු වෙනවා. සියලු මට්ටම්වල තරගාවලි පවත්වන්න ඕනේ. සමහර ක්‍රීඩාවල දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා සංගම් නෑ. හැබැයි සල්ලි ගන්නවා. සමහර සංගම්වලින් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා. ක්‍රීඩාව එක තැනකට ගෙන්න ඕන. දිවා ආහාරය අපි දෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් දීලා පාසලේ පැය 2 ක් ක්‍රීඩාව කරන්න බලාපොරොත්තු වෙනවා.

මගේ පාලනය යටතේ ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ඇති කරනවා. ඔය කිසිම අපේක්ෂකයෙක් කියලා නෑ ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ගැන. විගණකාධිපතිතුමා කියන විදිහට ක්‍රිකට් පාලක මණ්ඩලයට නීතිය ක්‍රියාත්මක කරනවා. මම අවුරුදු 4 කට තමා තනතුරු සීමා කළේ. ක්‍රිකට් වැටුණේ ඔට්ටු නිසා. කාන්තා ක්‍රිකට් බේරිලා තියෙන්නේ ඔට්ටු අල්ලන්නෙ නැති නිසා. ජනාධිපතිගෙ සාක්කුවට වැටුනට පස්සේ ක්‍රිකට් නැත්තට නැති වුනා.

හය පාරක් අගමැතිකම් කරපු ජනාධිපති කියනවා රස්සා දෙනවා, රට හදනවා කියලා. පැරදුන රනිල් කපුටගේ කූඩුවට රිංගලා බිත්තර දානවා. එදා ක්‍රිකට් දූෂිතයින්ට කඩේ යන එකනේ නාමල්ට රාජපක්ෂත් කළේ. දැන් මෛත්‍රීපාල එක්ක මට පෞද්ගලික තරහක් නෑ. රනිල් එක්ක එයා රට වැට්ටුවා. අද ජනතා වරමින් ආපු මිනිස්සු පස්සෙ දොරින් ආපු කෙනා මැදිහත්වෙලා දොට්ට දානවා.”