2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ඊයේ (10) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
සමිත දුලාන් ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම රිදී පදක්කම දිනාගනු ලැබුවා.
ඔහු සමග මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් ඊයේ (10) පස්වරු 03.30 ට අබුඩාබි නුවර සිට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.
සමිත දුලාන් මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබුවා.


