31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් ඉඩමකින් හමුවෙයි

පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් ඉඩමකින් හමුවෙයි

වවුනියාව, තාඩික්කුලම් ප්‍රදේශයේ පාලු ඉඩමක් තුළ තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ ඉඩමේ හිමිකරු විසින් ඊයේ (10) අදාළ ඉඩම එලි පෙහෙළි කිරීමේදී ඒ තුළ සැකකටයුතු යමක් නිරික්ෂණය වී ඇති අතර ඉඩම් හිමියා ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉඩමේ හිමිකරු විසින් වවුනියාව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එය මෝටාර් උණ්ඩයක් බවයි තහවුරු වී ඇත්තේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව අදාළ මෝටාර් උණ්ඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.